ටොරන්ට් වේගෙන් බාන්නෙ මෙන්න මෙහෙමයි...

Posted by Unknown | Posted in , , , , , | Posted on 2:42 PM

(2)

මට ඉස්සර ටොරන්ට් බාන එක තරම් එපා කරපු දෙයක් තව නෑ.. අපෝ එපා වෙනවා..මම ඔය එක එක එක්කෙනා කියන පොඩි පොඩි ඇප්ලිකේශන් දාගෙන ටොරන්ට් වේගය වැඩි කරන ගන්න කොච්චර දැගලුවද ,, ඒත් හරි ගියේ නෑ නොවැ.. dail up එකෙන් Airtel එකට මාරු උනහම මම හිතුවෙ මට ටොරන්ට් හොද වේගෙන් බා ගන්න පුලුවන් වෙයි කියල.... හික් හික්....! ආපෝ ඒකත් ඒ වගෙම තමා.. පස්සෙ හැම තැනකම හෙව්ව මෙ ටොරන්ට් වේගෙන් බාන්න ක්‍රමයක්... ෆයිනලි වැඩේ හරි ගියා.. මේ ටික කරාට පස්සෙ 10- 40 kbps වගෙ තිබුන වේගය 150kbps විතර වේගයකින් වැඩ කරන්න පටන් .. හම්මේ මෙක දැක්කම මට තිබුන සතුට... හ හ හා......!! මේක ඉතින් සමහර කට්ටිය දන්නවත් ඇති.. දන්නැති කට්ටියත් ඇතිනේ .. අන්න ඒ අයට තමා මේක කියල දෙන්න හිතුවේ...

දැන් කෙලින්ම වැඩේට බහිමු..

ඉස්සෙල්ලම ටොරන්ට් එක බාන්න පටන්න ගන්නකෝ.. පස්සෙ ඒක පොඩ්ඩක් pause කරන්නකෝ.. පස්සෙ රයිට් ක්ලික් කරල ඔය පින්තූරෙ තියෙන විදියට upload ස්පීඩ් එක 2 kbps විතර දෙන්න.. එතකොට ටොරෙන්ට් එක upload වෙන ස්පීඩ් එක අඩු වෙනවා... 




දැන් තියෙන්නෙ දෙවැනි වැඩේ.. පොඩි වැඩක්...

ඔය යට තියෙන පින්තූරෙ තියෙන General  කියන tab එකේ ටිකක පහලට යනකොට තියෙනවා  Hash කියල එකක්.. ඔන්න ඕකෙන් තමා ස්පීඩ් එක වැඩි කරගන්නේ..


ඔන්න ඔය  Hash කියල තියෙන code එක රයිට් ක්ලික් කරල කොපි කරගන්න.. ඊට පස්සෙ ඔය කෝඩ් එක Google එකේ search කරල බලන්න.. ඒ කෝඩ් එකට අදාල හැම ටොරන්ට් එකක්ම එනවා. පස්සෙ ඉතින් උඩින්ම තියෙන සයිට් 10 කින් විතර ඔය Torrent එක බා ගන්න.. ඔක්කොම එකම Tracker  ලෝඩ් කරන්න.. ඔය පහල තියෙන පින්තූර ටික බලන්න  හොදට කරන හැටි පැහැදිලි වේවි..

ඔය කතිර දාල තියෙන ලින්ක් ටික තමා ක්ලික් කරන්න ඕන.. ඊට පස්සෙ U Torrent එකෙන් open කර ගන්න. ඊට පස්සෙ මේ වගෙ dialog box එකක් එනවා. ඒක  yes කරන්න විතරයි තියෙන්නේ..
 ටික වෙලා වකින් බලන්න කොහොමද ස්පීඩ් එක කියල.. 150 kbps - 200 kbps විතර වැඩි වෙනවා.. Trackers ලා වැඩි වෙන තරමට ස්පීඩ් එක වැඩී.. කරලම බලන්නකෝ කොහොමද වැඩේ කියල......


පොඩි කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා.....!

Comments (2)

Loading... Logging you in...
  • Logged in as
Thanks for posting machan. Works perfectly. :)

Post a new comment

Comments by