සිම්පල් ප්ලෑන් එක..!

Posted by Unknown | Posted in | Posted on 1:54 PM

(7)

ටියුෂන්, ටියුෂන් සහ ටියුෂන්! මට දැං මේ ටියුෂන් කෙරුවාව එපා වෙලා! ඇත්තටම ඉගෙනගන්න වෙන සිම්පල් ප්ලෑන් එකක් ඇත්තෙම නැද්ද?”

මගේ හදවත විලාප දෙනවා. ඉගෙනගන්නවා කියලා මෙහෙමත් ඉගෙනගන්නවාද? මගේ තරුණ කාලේ මං හිතුවේ එහෙමයි.

පොඩි කාලෙ මං ඉස්කෝලෙට බාරදෙද්දී අම්මා කිව්වා ඕං පුතේ දොස්තර කෙනෙක් වෙයං කියලා.
තාත්තා කිව්වා නෑ පුතේ උඹ ඉංජිනේරුවෙක් වෙයං කියලා. 
බාප්පා කිව්වා උඹ මං වගේ ලෝයර් කෙනෙක්‍ වෙයං කියලා. 
එතකොට මට හිතුනා ඔව් ඔව්, එතකොට මට පුළුවං හොඳට දුප්පත් එවුන්ගෙන් ගරාගන්න කියලා.
කොහොමහරි මං ශිෂ්‍යත්වේ පාස් වුනා. නිකම්ම පාස් වුනා නම් මදෑ කියමුකෝ, මං උඩින්ම පාස් වුනා. 



මගේ කරුමෙට මට ගම දාලා කොළඹ එන්න වුනා සදහටම. මං කොළඹ මහප්ප්‍රාණ තාප්ප අතරේ අතරමං වුනා. උඩ බැලුවාම බිල්ඩිමේ  මුදුන හොයාගන්න බැරිවුනා. කොළඹ පාරකට අඩිය තිව්වේ කොයි වෙලාවක හරි යෝධ වාහනයක් ඇවිල්ලා මාව චප්ප චපිරි කරලා දාවි කියලා හිතාගෙන. කන් බෙරේ පලාගෙන යන හෝන් සද්දෙට මගේ කං දෙක බීරි වුනා. මං පංති ගිහිල්ලා කට ඇරගෙන බීරි වෙච්ච කං වලින් යකඩ කටින් ඇහෙන සද්දෙට අනුව ටයිප් රයිටරයක් වගේ අතට පෑන අරං ඇක්සයිස් පොතේ කොටාගෙන කොටාගෙන ගියා. දවසට දෙකට පෑන් ඉවරවුනා. ඇරිච්ච කට වහගන්න බැරිවුනා. අන්තිමට මට කතාකරගන්න බැරිවුනා. රෑ එළිවෙනකන් මම පාඩම් කරා. ගෑනු පරාණයක් දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ. දවසක් මෙසේ යට තියලා තිබ්බ වතුර බාල්දියට නිදිමතේම පොත අතෑරියා. නිදිමතේම මේසේ උඩට වෙලා නිදාගත්තා. පහුවෙනිදා උදේ බලද්දී පොත දියවෙලා. මං ඉතින් මොකෑ කරේ, මං වගේම තවත් එකෙක් මහන්සියෙන් ලියපු පොතක් ඉස්සුවා.
මම ඊට පස්සේ විශ්ව විද්‍යාලයට රිංගලා ලක්ෂ කෝටි ගාණක් වටින පාඨමාලා නොමිලේ හදාරලා, නමට යටින් ඉංග්‍රීසි හෝඩියේ අකුරු දහ පහළොහක් ගහගෙන කොටට තිබ්බ මගේ නම ඉස්සරහින් තව මහාකෑල්ලක් ගහගෙන විශ්ව විද්‍යාලයෙන් එළියට බැස්සා. බැහැලා, පත්තරේ දාලා තිබ්බ දැන්වීමක් බලලා ලොකු පවුලක වරදට සමාව ඉල්ලපු ගෑනු කෙනෙක් එයාගේ දෑවැද්ද එක්කම කසාද බැඳලා අවුරුදු පහ හයකට පස්සේ හීං සීරුවේ දික්කසාද කරලා දැම්මා.
දැං මං රජයේ ආයතනයක ලොකු පුටුවක්. මං ඉගෙනගන්න කාලෙදී වැඩි දියුණුකරගත්ත පොට්ටකම, බීරිකම, හොරකම මට ගොඩක් ප්‍රයෝජනවත් වුනා මට මේ තැනට එන්න. මං මගේ දෙමව්පියෝ අමතක කරලා දැම්මා, මට හිත මිතුරෝ නෑ.
ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද? අහ්, මගේ කොන්ද පන නෑ වගේ! මං හිතන්නේ මේ මම දේශපාලනයට එන්න ඕනේ කාලේ කියලා



මේ කතාව වෙන කවුරු හරි ලියපු  කතාවක්.  මගේ පරන ලිපි ගබඩාව බලන කොට තමා හම්බුනේ..!!
අයිති කාරයා මේකට තරහ වෙන්න එපා ..  අයිතිකාරයගෙ නම දන්නවා නම් කමෙන්ට් කරන්න...


ප.ලි-   
මේක සුපුන් සුදාරක අයියා පෝස්ට් කෙරූ කතාවකි.
ලින්ක්- http://blog.sudaraka.com/2009/03/30/simple-plan-short-story/

Comments (7)

Loading... Logging you in...
  • Logged in as
මහසෝනා වෙන්න ඇති නම :දිව දොට්ට
1 reply · active 739 weeks ago
හික් හික්...!! මම නෙවේ..!! .... ( " : දිව දොට්ට " ඇඩ් එක නම් පට්ට... ) :p
මහ සෝනාට වෙච දෙයක් තමා :D
1 reply · active 739 weeks ago
හික් හික්...!! :p
අපොයි සුපුන් අයියේ...! තරහ ගියයි..!!

මම ඔයාගෙ බ්ලොග් එක තමා ඉස්සෙල්ලම දැකපු සිංහල බ්ලොග් එක.. ඉතින් ආසාවට මම මේ කතාව සේව් කර ගත්තා... මේ ලගදි කතා ටික කියවනකොට තමා මේ කතාව මම දැක්කෙ දැකල ආසාවට බ්ලොග් එකේ දැම්මා...!! මට මතක නෑ කාගෙ බ්ලොග් එකද කියල....!!

ලිපියේ සම්පූර්න අයිතිය- සුපුන් අයියා සතුයි..! http://blog.sudaraka.com/2009/03/30/simple-plan-s...
අයියෝ තරහ ගියේ නෑ. මේකෙ අන්තිමට තියෙනවා නෙව අයිතිකාරයාගේ නම දන්නවානං කමෙන්ට් කරන්න කියලා. ඒකයි. ;)
කිසි අවුලක් නෑ!. :)

Post a new comment

Comments by