ඇඩෝබි එයාර්

Posted by Unknown | Posted in | Posted on 4:00 PM

(0)



තමන්ගේ ඩෙස්ක්ටොප් එක ලස්සන කරගන්න ගොඩක් අය වෙහෙසෙනවනේ….. පසුගිය කාලයේ වැඩියෙන්ම කස්ටිය බාගත්ත ඇප්ලිකේශන් එක තමයි.. මේ ඇඩොබි එයාර් කියල කියන්නෙ.2009 පෙබරවාරි මස වන විට ලොව පුරා මිලියන 100 ක් පමන දෙනා මේක බාගෙන තියෙනවා..

මෙම එයාර් කියන්නේ රන්ටයිම් එන්වයමෙන්ට් එකක්..එනම් ඩෙස්ක්ටොප් එක තුල ක්‍රියාත්මක වන විවිධ නිර්මාණ කල හැකි වැඩසටහනකි.

මෙම වැඩසටහන පිහිටුවා ඇත්තෙ පරිගණකය තුළ නිසා මෙහි ඔන්ලයින් , ඕෆ්ලයින් වෙනසක් නැත.. මෙය ඉන්ටර්නෙට් ඇති විටක ඔන්ලයින් ලෙසත් ඉන්ටනෙට් නැති විට ඕෆ්ලයින් ලෙසත් ක්‍රියා කරයි. මේ ඇප්ලික්ෂන් එකේ විවිධ ආකෘති ඇත. නමුත් එයින් වඩාත්ම ලස්සන එක කියා පිලිගන්නේ "ස්ලයිඩ් රොකට්" යන ආකෘතියයි.

මෙමගින් ෆ්ලෑෂ් ෆයිල් ක්ලිප් යොදා ගෙන ලස්සන ප්‍රසන්ටේෂන් සෑදීමට ඉඩ ලබා දෙයි. 2009 පෙබරවාරි 25 දින මෙහි මූලික ස්ථාවර සංස්කරණය මහජනයාට නිල වශයෙන් මුදා හැර තිබේ. මෙය ලිනක්ස් , මැක් යන OS වලටත් සපෝර්ට් කරනවා.

තාම මේක බා ගත්තෙ නැත්නම් මේ ලින්ක් එකෙන් බාගන්න.



Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by