අපේ රටේ බ්‍රොඩ්බෑන්ඩ්

Posted by Unknown | Posted in | Posted on 6:11 PM

(0)


දැන් ලංකවේ අලුත්ම දැන්වීම් මාතෘකාව වී තියෙන්නෙ බ්‍රොඩ්බෑන්ඩ් ඉන්ටනෙට්ය. දැන් ලංකවේ අලුත්ම දැන්වීම් මාතෘකාව වී තියෙන්නෙ බ්‍රොඩ්බෑන්ඩ් ඉන්ටනෙට්ය. බ්‍රොඩ්බෑන්ඩ් ඉන්ටනෙට් දැන්වීම් එකිනෙක පරයා නැගෙන්නට යොදා ගන්න වචනය වන්නේ එහි වේගයයි. දැන් අධි වේගයෙන් , උපරිම වේගයෙන් ඉන්ටනෙට් ( අපි නොදන්න වේගේ... ) දෙනව කිවුවට දෙනවද? ඒක තමයි අපට තියෙන ගැටලුව. ඇත්තමට අපි දන්නවනේ වේගය..!!!
ඇත්තටම ISP දැනගන්න ඕන පාරිබෝගියාට ඇත්තටම තමන්ට ලබා දෙන්න පුලුවන් වේගය ගැන කියන්න. එතකොට අපි මවා ගත් වේගයක් නැතුව නියම වේගය ගැන හිතාගෙන වැඩ කරනවනේ. එතකොට කාටත් කරදරයක් නැහැනේ..

පසු ගිය අගොස්තු මාසයේ බ්‍රිතාන්ය රජය විසින් මහජනයගේ පැත්තෙන් සාධාරණය ඉටු වෙන ලෙස ආචාරධර්ම කිපයක් හදුන්වාදීල .. ඒව ලංකාවටත් තිබුනනම් ලංකවෙ ඉන්ටනෙට් සදහා ලොකු ඉල්ලුමක් ඇති වෙන්න තිබුනා.

මෙන්න මේව තමයි ඒ ආචාරධර්ම

* පාරිබෝගිකයට ඇත්ත වශයෙන්ම ලැබෙන සන්නිවේදන වේගය ගැන සදහන් කලයුතුය.

* එම වේගය අඩු වීමට බලපාන තාක්ෂණික හේතු පාරිබෝගිකයාට පැහැදිලි කොට දිය යුතුය.

* එම තාක්ෂණික දෝෂ හැකි ඉක්මනට සමනය කොට දිය යුතුය.

* කෙසේ වෙතත් පාරිභෝගිකයා කැමැති ඕනෑම වෙලාවක අධ්වේගී සම්බන්ධය ඉවත් කොට අඩු ගාස්තු යටතේ අඩු වේගයක් ලබාදිය යුතුවේ.



මේව ලංකාවෙත් තිබුනනම් මීට වඩා හොද ඉන්ටනෙට් සම්බන්ධ තාවයක් ලබා ගන්න තිබුනා..
අපිට ඉතින් ඒවට පින නෑනෙ... මොනව කරන්නද? ඉස්සරහට හරි එහෙම වෙන්න කියල පතමු.. අපි හැමදා ඉතින් මුන්ට රැවටුනනේ...

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by