අති දැවැන්ත Pen රාජයා

Posted by Unknown | Posted in | Posted on 4:48 PM

(0)


මෙන්න දැන් තියෙනව නියම පෙන් එකක් .. නියමයි කියන්නෙ එකේ ෆිල්ම් 350 ක් විතර දාන්න පුලුවන්... දැන් හිතනව ඇතිනෙ ඒ ඒකෙ size එක කීයක්ද කියල... අම්මෝ ඇහුවහම බයත් හිතෙනවා.. ඔන්න දැන් කියන්නයි යන්නෙ.. බලාගෙන පරිස්සමෙන්.. කියවන්න.. 256GB …... !!! මේකෙ නම තමයි Kinston data Traveler 300 මේක තමයි ලෝකයේ තියෙන වැඩිම ධාරිතාව තියෙන පෙන් එක.. මීට කලින් තිබුන පෙන් එක තමයි 128 GB Kinston data Traveler 200.

ලංකාවේ නම් තාම මේක දකින්නට නැහැ.

මේකේ මෙච්චර ලොකු Capacity එකක් තිබුනත් හරිම පොඩි උපාංගයක් තමයි දිග සෙන්ටිමීටර 7, පළල සෙන්ටිමීටර 2 ක් විතරයි....

මේකෙ දත්ත සංසරණ වේගය තත්පරයට මෙගා බයිට් 20 ක් පමණ වෙනවා. ( data downlink- 20mbps , data uplink-10 mbps ) මේක Capacity එක කොච්චර ලොකු උනත් පොර්ට් එක ටිකක්වත් වෙනස් වෙලා නැහැ. USB 2.0 තමයි ඉතින්…!!

මේකෙ ගාන අහුවහම පොඩ්ඩක් බය හිතෙනව... ඩොලර් නම් 460 ක් වෙනවා, රුපියල් නම් 50000 ක් විතර වෙනවා.. දැන්මම ගන්න නම් හිතන්න එපා...!!!! මොකද දන්නවද ? තාම මේව ගන්න තියෙන්නෙ ඇමරිකාවේ විතරයි.

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by