දන්සැල් වැදීමේ අලුත් කලාව...!!! සහ දන්සැල් පාර්ටි..!

Posted by Unknown | Posted in , , | Posted on 9:54 PM

(0)







 අද මහසෝණා ගියාලු දන්සැලක් වදින්න ...!!       අම්බෝ .......!!!     තඩි පෝලිම පික්සු හැදෙනවා  දැක්කම... එක දැන්සලක් වැදලා අනික් දන්සැලට පෝලිමේ ඉන්නකොට  අර දන්සැලෙන් කාපුවා ඔක්කොම කකුලටම බැහැලා...!!   ඔන්න කස්ටිය ගමනට ෆුල් ලෑස්තියි.  ( කට්ටිය කියන්නෙ. මහසෝණයි, මහසෝණගෙ මල්ලියි, ඉක්කෝලෙ හොද බොක්කකුයි, තව සෙටාර් එකේ හය දෙනෙකුයි හිටියා..)  ඉස්සෙල්ලම කට්ටිය තම තමන්ගෙ බයික් වලට පෙට්‍රල් ෆුල් ටෑක්න් ගහගත්තලු,,,   මහසොණට තියෙන්නෙ CT 100 නිසා 250 ගහල බේරුනා..  

ඔන්න කට්ටියගෙ රස්තා ගමන පටන් ගත්තේ රුක්මල්ගම පැත්තෙන් .. කට්ටිය යනවා යනවා හොද පොට් එකක් හොය හොයා...!!    කී.මි 1 විතර යනකොට එකක් හම්බුනා ඒක කට්ටියට හරි නෑ.. ඔය වගෙ දන්සැල් දෙක තුනක්ම පහු  වුනා...!!  (මොනවා උනත් වෙන පොසොන් වගේ නෙවෙ මේ පොසොන් එකට දන්සැල් නම් වැහි වැහැලා..)  කෙල්ලෙක් දකින්න බෑ මුන්ටික එක එක දේවල් කියනවා...    අර එකමත් එක කෙල්ලෙක් කිව්වා වගේ .  හෆ්ෆා  එක වෑන් කාරයෙක් ගෙන් අහ ගත්තා හොදට....   

ඒවා වැඩක් නෑ .. මම කියන්න ගියෙ දන්සැල් වැදීමේ අලුත් කලාව ගැනනේ...
කට්ටිය කොහොම කොහොම හරි හොද දන්සැලක් හොයා ගත්තා... ඔන්න පොලිමේ ඉන්නවා... ඉස්සරහට 50 ක් විතර ඉන්නවා..  ටික වෙලාවක් ගියා.. පොලිම නෝ හෙල්ලුම්...!!   යකෝ 50 යන්න පැයක් යන්නෙ නෑනේ..  ටික යනකොට වැඩේ තේරුනා...   අපේ ඉස්සරහා අංකල් කෙනෙක් ඉන්නවා... ටික වෙලාවක් යනකොට අංකල්ට කෝල් එකක් ආවා..  ආන්සර් කරා....

--  ආ.. ඔව් ඔව් පෝලිමේ ඉන්නෙ .
--  තව 50 ක් විතර ඉන්නවා..  ඔව් ඔව් ඔයාල දැන් එන්න ...  බෙදාගෙන යන්න කොල දෙක තුනකුත් ගේන්න හොදේ...
-- හරි හරි..!!

තිබ්බා.. මූ අපේ දිහාවට හැරිල පොඩි හිනාවකුත් දැම්මා... හික් හික්..  :a

අම්බෝ...........!!!   ටික වෙලාවක් යනකොට  එනවා කියපියකෝ සෙට් එකක්....!! ලමයි වඩා ගෙන.. අතින් ඇදගෙන කොහොම හරි 10 -12  ආවා.. එතකොට කියන්න දෙයක් නෑනේ.. 50ට හිටිය අපි 60 ට විතර වෙනකන් පස්සෙ...!!   අපේ එකෙක් ඉන්නවා කූරා කියල එකෙක්.. ඌ ගොන් ජෝක් එකක් දාල අහගත්තා හොදවයින් දෙකක්...!! උට කෑම එපා වෙන්න...!!    

කොහොම කොහොම හරි අපි පැය දෙකක් යනකොට අතුලට පැන ගත්තා....!! එතකොට තමා රියල් සින් එක දැක්කේ...!!   ඉස්සරහින් දොරින් 50 එනකොට පස්සෙ දොරින් 250 එනවා...  උන් ඔක්කොම කාල යනකොට වැඩේ හරි...!!!   

අම්මලා එනවා ලමයි වඩා ගෙන .. ඇතුලට.. ලමයි හම්බෙන්න ඉන්න අම්මලට පෝලිමක් නෑ..  ඒත් සීන් එක කියන්නෙ එක අම්ම කෙනෙක් එක්ක තව කටිය දෙතුන් දෙනෙක් ඇතුලට සෙට් වෙනවා.....!!! 

කොහොම කොහොම හරි කෑම ටික ආමාශගත කර ගත්තා...!! පංකාදු විසිපහට  කෑම ටික නම් තිබුනා....!!  ඔක්කොම කාලා  අයිස් ක්‍රීම් එකකුයි. ෆෘට් සැලඩ් එකකුත් කාල එලියට බැස්සා....!!!  
හරි කට්ටිය අයේ සෙට් උනා ගමනට.... මගෙ බයික් එකේ 3 යි.. 1st එකේ දාල ඇද්දා අම්මට හුඩු  ඉස්සරහ රෝදෙ උඩ.. පිටි පස්සෙම හිටපු එකා ජබොස්   ඌ බිම....!!!  නෝන්ඩි 1 1/2.....!!!   ඌ හෙන වැඩ්ඩා වගේ අයෙ නැග්ගා බයික් එකට... 

කොහොම කොහොම හරි අයෙ යනවා.....    අයෙ ඉතින් සුපුරුදු පරිදි අරුන් ටික  කෙල්ලොන්ගෙ විලිලැජ්ජාව නැති කර කර ගියා....!!!    මුන් ටික මුන්ටම හරියන කෙල්ලෙක් සෙට් උන ගමන් ස්ලොව් එකෙ අර වාහනය පස්සෙම යනවා... කෙල්ලත් කරට කර නම් මුන් අත අරින්නෙ නෑ...  ඔහොම ඔහොම කට්ටිය ගියා.....කොහොම කොහොම හරි ගමන ඉවරයි..!!!


කොහොම උනත් ලංකාවෙ කට්ටිය දන්සැල් දෙනවා කියල දෙන විදිය නම් වැරදියි...  මොකද කියනවා නම් මේක නිකම් දන්සල කරන අය, දන්න කියන කට්ටියට පාර්ටි එකක් දෙනවා වගේ වැඩක්...!!    අනිත් කට්ටිය පෝලිමේ ඉදලා ආසාවෙන් දන්සලෙන් මොනවා හරි කන්න ඉන්නකොට පෝලිමෙ නැතුව පස්සෙ දොරෙන් ඇතුලට අරගෙන කන්න බොන්න දෙන එක නම් ඉතා පහත් ක්‍රියාවක්.  ඇයි ඒ කට්ටියටත්  පෝලිමෙ ඉදලා අනිත් කට්ටිය වගේ ඇතුලට යන්න බැරි...     දන්සලෙන් කන එකෙයි , හෝටලෙන් කන එකෙයි වෙනස තියෙන්නෙ පෝලිමේ ඉදලා කන එක තමා....!!

අනේ මන්දා ලංකාවෙ අය කවදා හැදයිද මන්දා............!!!


Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by